Monika Ertl කියන්නෙ අපූරු විප්ලවවාදිනියක්. හිට්ලර්ගේ නාසිවාදී පක්ෂයේ ප්‍රචාරක නියමුවෙකු වූ හන්ස් අර්ටල් ගේ දියණිය වශයෙන් ඉපදුනත් ඇය මුහුකුරා යනවිට නාසිවාදයට එරෙහි පිළ තෝරා ගත්තා.
චේ බොලිවියාවේ විප්ලවය සූදානම් කරනවිට මොනිකා අර්ටල් ජර්මනියේ සිට බොලිවියාවට පැමිණෙනවා. බොලිවියාවේ කඳුකර බිම්වල දී ගරිල්ලා සටන් පුහුණුව ලබාගන්නේ චේ ගෙන්. පසු කළෙක මොනිකා ලෝක ප්‍රසිද්ධ වන්නේ චේ ඝාතනය කිරීමට එක්වූ කර්නල් රොබෙර්ටෝ පෙරෙයිරා ඇය විසින් ඝාතනය කිරීමෙන්.
කර්නල් රොබෙර්ටෝ තමයි ලෝකය පුරා විසිරී සිටින පීඩිතයින්ට සර්ව සාධාරණ ලෝකයක් ගොඩනගන්න සටන් වැදුනු චේ ගේ දෑත් කපා දැමූ මිනීමරුව.....1973 දී බොලිවියානු ආඥාදායක පාලනය ඇය අත්අඩංගුවට ගෙන මරා දමනතුරුම ELN නමින් හැඳින්වූ විප්ලවවාදී ව්‍යාපාරයේ ගරිල්ලා සෙබලියක් ලෙස කටයුතු කළා...
Tags:
සිංහල
