ඉගෙනුම් ඉගැන්වීමේ අධ්‍යාපන ක්‍රමය



වර්තමනයෙේ පවතින අධ්‍යාපන ක්‍රමය වන්නේ ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රමයයි . එනම් ශිෂ්‍යා විසින්  ඉගෙන ගතයුතු අතර  ඒ ස‍‍‍‍ඳහා ගුරුවරයා විසින්  අවශ්‍ය මග පෙන්වීම හා මූලික දැනුම ලබා දියයුතුය . 

  එහිදී  ශිෂ්‍යයන් විසින් ම ඉගෙනුම ලබන බැවින් එය ඉතා සාර්ථක ක්‍රමය කි. ඒ ක්‍රමය වර්තමානයේ  පාසලේ දී ක්‍රියාවට නන්වයි. 
නමුත් මෙහිදී තමන්ට ලැබෙන උපදෙස් දත්ත හා නිදර්ශක ඔස්සේ ස්ව අධ්‍යනය ට සිසුන් දක්වන්නේ  අකමැත්තක් හා කම්මැලිකමකි. මෙ නිසා ඔවුන්ට නිසි ඉගෙනුමක් නොලැබෙන අතර නිසි ඉගැන්වීමක් නොකරන බවට චෝදනා කරමින් ටියුෂන් පන්ති යයි. 

ටියුෂන් පන්තියේ පවතින ක්‍රමය වන්නේ පැරණි අධ්‍යාපන ක්‍රමය යි. එනම් ඉගැන්වීම් ඉගෙනුම් ක්‍රමය යි. එනම් ගුරුවරයා උගන්වන අතර එය ගිරවුන් මෙන්  ශිෂ්‍යයන් ඔහේ ඉගෙන ගනී . මෙහිදී අධ්‍යනය , සටහන් සැකසිම . ප්‍ර්ශ්න හා පිළිතුරු ආදී සියල්ල ගුරුවරයා විසින් ම සිදුකරනු ලබයි. 

එප්‍රායෝගික ඉගෙනුමක් නොවේ.එනිසා  අසාර්ථක  ක්‍රමය කි.  නිවැරැදි දැනුම ,ආකල්ප , කුශලතා පූර්ණ  බුද්ධිමත් පුද්ගලයකු බිහි නොවේ .

கருத்துரையிடுக

புதியது பழையவை